ආසාදිතයන් හා එකම නිවසේ වාසය කරන අයට හුදකලා කාල සීමාව තවත් අඩුවන ළකුණු

කොවිඩ් ආසාදිතයන් හා එකම නිවසේ වාසය කරන පුද්ගලයන්ට බලපැවැත්වෙන හුදකලා කාල සීමාව සංශෝධනය කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පැවසුවේ දැනට ක්‍රියාත්මක දින 07 හුදකලා කාල සීමාව ඒ යටතේ තවදුරටත් අඩු කෙරෙනු ඇති බවයි.

සමීප ආශ්‍රිතයෙකු වුවද රැකියා සඳහා පැමිණිය හැකි අත්‍යවශ්‍ය සේවක ලැයිස්තුවක් ජාතික කැබිනෙට්ටුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද රෝග ලක්ෂණ නොමැති දහස් සංඛ්‍යාත පිරිසකට සේවයට වාර්තා කිරීමට අවස්ථාව උදාවුණා.

හෙදියන් ඇතුලු ඉදිරි පෙළ සේවකයන් සඳහා එම වැඩපිළිවෙල සාර්ථක වීම හේතුවෙනුයි සාමාන්‍ය ආශ්‍රිතයන් සඳහාද එය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇත්තේ.

https://www.abc.net.au/news/2022-02-22/greg-hunt-flags-covid-isolation-requirements-close-contacts/100851080

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »