සිය අලුත විවාහ වූ දියණිය හා බෑණා ඝාතනය කල මෙල්බන්වාසියෙකුට ජීවිතාන්ත සිර දඩුවමක් නියමවී තිබෙනවා.
57 හැවිරිදි සැකකරුට සමාව දීම සම්බන්ධයෙන් සළකා බැලෙනුයේ වසර 35 ක් පමණ සිර දඩුවම් විඳීමෙන් පසුව බව සඳහන්.
2019 වසරේ දෙසැම්බර් 31 වනදා මෙම ඝාතන සිදුවී තිබුණා.
විවාහය සඳහා සැකකරුගේ අවසරය ලබා නොගැනීමත් විවාහ මංගල්‍යය උත්සවය සඳහා ඔහුට ආරාධනා නොකිරීමත් මත මෙම වෙඩි තැබීම් සිදුකර තිබූ බවයි මෙල්බන් නුවර අධිකරණයකදී අනාවරණය වූයේ.
මිය යනවිට අදාළ දියණිය 25 හැවිරිදි වියෙහි ද ඇයගේ ස්වාමි පුරුෂයා 29 හැවිරිදි වියෙහිද පසුවුණා.