COVID-19 රෝගීන් 90% කින් අඩු වී ඇතැයි සෞඛ්‍ය ඇමති කියයි

Omicron වෛරසයේ උච්චතම අවස්ථාවට වඩා COVID-19 රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 90% කින් අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

එමෙන්ම රෝහල්ගතවීමද අඩකටත් වඩා අඩු වී ඇති බව ඔහු සඳහන් කලා.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 8,752 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 14 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,786 ක් සමග කොවිඩ් මරණ 14 ක් වාර්තා විය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,583 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 820 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 583 ක් වාර්තා වේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »