
මුහුණු ආවරණ නීති ලිහිල් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයද තීරණය කර තිබෙනවා.
ප්‍රාන්ත අගමැතිනිය නිවේදනය කලේ ලබන මාර්තු 04 වනදා සිට සේවා ස්ථාන – පාසල් සහ වෙළඳසැල්වලදී මුහුණූ ආවරණ භාවිතය අනිවාර්ය නොවන බවයි.
කැෆේ – Pubs සහ අවන්හල්වලදී මුහුණු ආවරණයද එදින සිට අනිවාර්ය නොවනු ඇති.

කෙසේවෙතත් පොදු ප්‍රවාහනය – ගුවන් යානා – ගුවන් තොටුපළ – රෝහල් – බන්ධනාගාර වැනි ස්ථානවලදී මුහුණු ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය වනවා.
එමෙන්ම විවාහ – කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන – අවමංගල්‍ය උත්සව – විශ්ව විද්‍යාල වැනි ස්ථානවල මෙතෙක් පැවති උපරිම සීමාවන් ඉවත් කිරීමද ලබන 04 වනදා සිට සිදුවනු ඇති.
