නිවු සවුත් වේල්ස් වාසීන්ට $ 50 ක වවුචරයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් වාසීන්ට $ 50 ක වවුචරයක්

නිවු සවුත් වේල්ස් වාසීන්ට $ 50 ක වවුචරයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන් සියල්ලන්ට ඩොලර් 50 බැගින් නවාතැන් වවුචර් ලබාදීමට ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය නගා සිටුවීමයි එහි අරමුණ වන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ වැඩසටහන යටතේ වෙන්කර ඇති ඩොලර් මිලියන 250 ක මුදලින් කොටසක් මේ සඳහා යොදාගැනීමට නියමිතයි.

මාර්තු 03 වනදා වනවිට ප්‍රාන්තයේ සෑම අයෙකුටම මෙම වවුචරය ලබාදී අවසන් කිරීමයි ප්‍රාන්ත රජයේ සැලසුම වන්නේ.

ඔක්තෝබර් 09 වනදා දක්වා මෙම වවුචර භාවිත කල හැකි අතර ව්‍යාපාරික ආයතන 1200 කට වැඩි සංඛ්‍යාවක් ඒ සඳහා ලියාපදිංචි වී සිටිනවා.

https://www.9news.com.au/national/stay-nsw-accommodation-voucher-tourism-boost-how-to-get/a1d55d6a-8846-4810-bf6e-104f34f8ace0

COMMENTS