
වෘත්තීය ක්‍රියාමාර්ගයක් හමුවේ ඊයේ දිනයේදී මුලුමනින්ම අඩාලවී පැවති සිඩ්නි නගරයේ දුම්රිය ධාවනය අද දිනයේදී යම්තාක් දුරකට ක්‍රියාත්මක වනවා.
අද අලුයම 05 සිට සෑම විනාඩි 30 කටම වරක් දුම්රියක් ධාවනය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
ප්‍රාන්ත රජය සමග ඇති කරගත් මතභේදයක් හමුවේ සිඩ්නි දුම්රිය සේවකයන් ඊයේ සේවයට වාර්තා නොකල අතර කිසිදු දුම්රිය වාරයක් ක්‍රියාත්මක වූයේ නැහැ.

එබැවින් මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්වූ අතර බස් රථ සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.
අද දිනයේදී සීමිත දුම්රිය වාර කිහිපයක් පමණක් ධාවනයට එක් කරන බැවින් අත්‍යවශ්‍ය රාජකාරි සේවකයන්ට පමණක් ඒවා භාවිත කරන ලෙසයි නිවු සවුත් වේල්ස් දුම්රිය බළධාරීන් දන්වා සිටින්නේ.
