අලුත් කෘෂි වීසා බලපත්‍රයට මොකද උනේ ??? – AusLanka TV – Australian News for the Sri Lankan community

අලුත් කෘෂි වීසා බලපත්‍රයට මොකද උනේ ???

අලුත් කෘෂි වීසා බලපත්‍රයට මොකද උනේ ???

ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත් කල නව කෘෂි වීසා කාණ්ඩයට අදාළව විදේශිකයන්ට තවමත් එම බලපත්‍ර නිකුත් කර නැතැයි තොරතුරු හෙළිවනවා.

Nationals පක්ෂයේ නියෝජ්‍ය නායක David Littleproud පෙන්වා දෙන්නේ විදේශ ඇමතිනී Marise Payne විසින් ඊට අදාළ අනුමැතිය මේ දක්වා නිකුත් කර නොමැති බවයි.

අගමැති ස්කොට් මොරිසන් විසින් පසුගියදා ප්‍රකාශයට පත්කලේ මෙම නව වීසා කාණ්ඩාය යටතේ පළමු සේවක පිරිස පසුගිය වසර අවසානයට පෙර රටට ගෙන්වා ගන්නා බවයි.

විශේෂයෙන් මහා බි්‍රතාන්‍යය සමග ඇතිකරගත් නිදහස් වෙළඳ ගිවිසුම යටතේ කෘෂි සේවකයන් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීම එහි අරමුණ වනවා.

ෆෙඩරල් රජයේ සැලසුම් අනුව මෙම වීසා කාණ්ඩය නිකුත් කිරීම ආරම්භ කල පසු 1000 ක පිරිසක් පළමුවෙන් රටට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

https://www.abc.net.au/news/2022-02-21/david-littleproud-farm-worker-visa-marise-payne-approval/100848738

COMMENTS