ලාංකික ඊශා ට Miss Earth Australia ලොකු පුටුවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලාංකික ඊශා ට Miss Earth Australia ලොකු පුටුවක්

ලාංකික ඊශා ට Miss Earth Australia ලොකු පුටුවක්

ලොව ප්‍රමුඛ පෙලේ නිරූපණ තරගාවලියක් වන Miss Earth (Australia) හි මෙම වසරේ වික්ටෝරියා pageant director ලෙස ශ්‍රී ලාංකික ඊශා කුලතුංග පත්වී තිබෙනවා.

ඇය පවසන්නේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙය තමන්ට හිමිවූ විශිෂ්ට අවස්ථාවක් බවයි.

මීට ඉහත කිසිම ශ්‍රී ලාංකික කාන්තාවක මෙම තනතුරට ඉදිරිපත් වී නොමැති බවද ඊශා කුලතුංග පවසනවා.

වාර්ෂිකව ලොව පුරා පවත්වන ප්‍රධානම pageant 05 න් එකක් ලෙසද තරගාවලිය සැළකේ.

එම නිරූපණ තරගාවලි 05 නම්

Miss World

Miss Universe

Miss International

Miss Earth

Mrs World

එහෙත් Miss Earth කාන්තාවන්ගේ සුන්දරත්වය පමණක් නොව බුද්ධිමත්භාවය – මිහිතලය ආරක්ෂා කරගැනීමට දක්වන දායකත්වය වැනි කරුණු කෙරෙහිද අවධානය යොමුකරන බැවින් එය ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගනී.

ලොව 03 වන විශාලම pageant එක වන මීට සියලු රටවලින් තරගකාරියන් සහභාගී වනවා.

ඔබ ශ්‍රී ලාංකික වුවත් Miss Earth තරගාවලියට Miss Earth Australia ලෙස නියෝජනය කිරීමට නම් ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබා සිටිය යුතු වනවා.

හැබැයි අත්දැකීම් ගන්න තරගකාරියක විධිහට ශිෂ්‍ය වීසා ඇති අයෙකුට වුවද තරග වැදීමට බාධාවක් නැතත් අවසාන මහා තරගයේදී ඔස්ටේ්‍රලියාව නියෝජනය කිරීමට නම් අනිවාර්යෙන් ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබා සිටිය යුතු වනවා.

වයස අවුරුදු 18 ත් 26 ත් අතර උස අඩි 05 යි අගල් 04 ට වැඩි අවිවාහක තරුණියන්ට සඳහා ඉදිරිපත්විය හැකි බව ඊෂා කුලතුංග සඳහන් කර සිටී.

COMMENTS