බිඳවැටුණු වික්ටෝරියා ආර්ථිකය නංවන්න තවත් $ මිලියන 200 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

බිඳවැටුණු වික්ටෝරියා ආර්ථිකය නංවන්න තවත් $ මිලියන 200 ක්

බිඳවැටුණු වික්ටෝරියා ආර්ථිකය නංවන්න තවත් $ මිලියන 200 ක්

කොවිඩ් හමුවේ බිඳ වැටුණු විනෝදාස්වාද සහ අවන්හල් ක්ෂේත්‍රය නගා සිටුවීමට ඩොලර් මිලියන 200 ක ව්‍යාපාරික පැකේජයක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙල්බන් CBD කලාපයට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම අරමුණ කරගෙනයි එය ක්‍රියාත්මක කෙරෙන්නේ.

මේ යටතේ අවන්හල් – කෞතුකාගාර – ප්‍රදර්ශන – සිනමා ශාලා වැනි ස්ථාන වෙත පැමිණෙන පුද්ගලයන් සඳහා ඩොලර් මිලියන 70 ක වවුචර්පත් ලබාදෙනු ඇති.

Hospitality ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක රැකියා 1500 ක් වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 34 ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම වායු පිරිසිදුකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 60 ක් වෙන් කර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

COMMENTS