දේශ සීමා විවෘත කිරීමත් සමග Australia Travel Declaration හි වෙනසක් – AusLanka TV – Australian News for the Sri Lankan community

දේශ සීමා විවෘත කිරීමත් සමග Australia Travel Declaration හි වෙනසක්

දේශ සීමා විවෘත කිරීමත් සමග Australia Travel Declaration හි වෙනසක්

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ජාත්‍යන්තර සංචාරකයින්ට සම්පුර්ණයෙන් විවෘත කිරීමත් සමග Australia Travel Declaration හි වෙනසක් සිදුකර තිබෙනවා.

පෙබරවාරි 18 තෙක් අදාළ මගීන් Australia Travel Declaration හෙවත් ATD පිරවිය යුතුයි.

පෙබරවාරි 18 න් පසුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම පුද්ගලයෙකුම Digital Passenger Declaration හෙවත් DPD එකක් සම්පූර්ණ කළ යුතුයි.

ඔබගේ සියලුම විස්තර – දුරකථන අංක – එන්නත්කරණ ඉතිහාසය – පසුගිය දින 14 සංචරණ ඉතිහාසය වැනි සියල්ල මීට ඇතුළත් කල යුතු වනවා.

කිසියම් අසත්‍ය හෝ වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇතැයි ඔප්පු වුවහොත් ඩොලර් 6,660 ක දඩයකට යටත්විමටද ඔබට සිදුවනවා.

ඇතැම්විට මාස 12 ක උපරිමයකට යටත්වන සිර දඩුවමක් පවා ඔබට නියමවිය හැකියි.

Digital Passenger Declaration සම්පූර්ණ කල යුතු ආකාරය පිළිබඳ සියලු විස්තර පහතින් :

https://covid19.homeaffairs.gov.au/digital-passenger-declaration

COMMENTS