මෙල්බර්න් රෝහල්වල වැඩිපුර elective සැත්කම් අද සිට – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් රෝහල්වල වැඩිපුර elective සැත්කම් අද සිට

මෙල්බර්න් රෝහල්වල වැඩිපුර elective සැත්කම් අද සිට

මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයන්හි රෝහල්වල වැඩිපුර elective සැත්කම් අද සිට ක්‍රියාත්මක වනවා.

රෝහල්වල කොවිඩ් රෝගීන් අඩුවීමත් සමග එම තීරණය ගත් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

රෝහල්ගතවීම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර රෝහල් කාර්යමණ්ඩලය සුපුරුදු කාර්යයන් සඳහා ලබා ගැනීමේ හැකියාව වැඩිවී ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley කියාසිටියා.

රෝහල් කටයුතු සඳහා දැනට පනවා ඇති ඉතිරි සීමාවන් ඉවත් කිරීමට ද නුදුරේදීම පියවර ගැනෙනු ඇති.

කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග අත්‍යවශ්‍ය නොවන සැත්කම් තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගැණුනේ.

COMMENTS