සියලුම වීසා බලපත් හිමියන් සඳහා අද සිට දේශ සීමා විවෘතයි – AusLanka TV – Australian News for the Sri Lankan community

සියලුම වීසා බලපත් හිමියන් සඳහා අද සිට දේශ සීමා විවෘතයි

සියලුම වීසා බලපත් හිමියන් සඳහා අද සිට දේශ සීමා විවෘතයි

වසර 02 කට ආසන්න කාලයක් වසා දමා තිබූ ඔස්ටේ්‍රලියා දේශ සීමා සියලුම වීසා බලපත් හිමියන් සඳහා අද සිට විවෘත කෙරුණා.

එලෙස පැමිණෙන පුද්ගලයන් කොවිඩ් මර්දන මාත්‍රා 02 ක් ලබා සිටීම අනිවාර්යයි.

එක් එක් ප්‍රාන්තය සඳහා ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවල උපරිම සීමාවන් ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කරනු ඇති.

විවිධ කරුණු මත ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මිලියන ගණනකට මෙම තීරණය හමුවේ සහන සැලසෙනු ඇති බව සඳහන්.

එන්නත්කරණයෙන් තොරව පැමිණෙන කවරෙකු හෝ ඊට අදාළ නිසි වෛද්‍ය සාක්ෂි රැගෙන ආ යුතු වනවා.

‘කොවිඩ් 19’ ගෝලීය වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාව සිය දේශසීමා වසා දැමීම කළේ 2020 මාර්තු මාසයේය.

එදා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබුණේ විශේෂ අවසරයක් හිමිවුණු පුද්ගලයන්ට පමණි.

එසේ අවසර ලැබුණේ ඕස්ට්‍රේලියා පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට මෙන්ම අධ්‍යාපන වීසා පවතින විදේශීය සිසුන් ඇතුලු සීමිත පිරිසකට පමණි.

පසුගිය නොවැම්බර් 01 වනදා අර්ධ වශයෙන් දේශ සීමා විවෘත කිරීමෙන් පසු මේ දක්වා ලක්ෂ 03 කට ආසන්න පිරිසක් රටට පැමිණ ඇති බව සඳහන්.

COMMENTS