05 වන T20 තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

05 වන T20 තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගනී

05 වන T20 තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගනී

ඔස්ටේ්‍රලියාවට එරෙහි 05 වන පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක් හිමිවුණා.

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 06 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 154 ක්.

මැතිව් වේඩ් නොදැවී 43 ක්ද – ග්ලෙන් මැක්ස්වෙල් ළකුණු 29 ක්ද රැස්කලා.

දුෂ්මන්ත චමීර ළකුණු 30 කට කඩුලු 02 ක් ද ළහිරු කුමාර ළකුණු 34 කට කඩුලු 02 ක්ද බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශ්‍රී ලංකාව එක් පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජය ගැනීමට සමත්වුණා.

කුසල් මෙන්ඩිස් නොදැවී 69 යි.

නායක දසුන් ශානක 35 ක් ද චරිත් අසලංක 20 ක්ද රැස්කලා.

කේන් රිචර්ඩ්සන් ළකුණු 28 කට කඩුලු 02 යි.

කමිල් මිෂාර සහ ජනිත් ලියනගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගනු ලැබුවා.

මේ අනුව සත්කාරක ඔස්ටේ්‍රලියාව 4-1 ක් ලෙස තරගාවලිය ජයගනු ලැබුවා.

COMMENTS