
ඔස්ටේ්‍රලියාවට එරෙහි 05 වන පන්දුවාර 20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 155 ක ඉලක්කයක් හිමිවුණා.
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 06 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 154 ක්.
මැතිව් වේඩ් නොදැවී 43 ක්ද – ග්ලෙන් මැක්ස්වෙල් ළකුණු 29 ක්ද රැස්කලා.

දුෂ්මන්ත චමීර ළකුණු 30 කට කඩුලු 02 ක් ද ළහිරු කුමාර ළකුණු 34 කට කඩුලු 02 ක්ද බිඳහෙලුවා.
කමිල් මිෂාර සහ ජනිත් ලියනගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගනු ලැබුවා.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් ද අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.
ඔස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනසකින් තොරව අද තරගයට ක්‍රීඩා කරමින් සිටිනවා.
මෙතෙක් පැවති තරග 04 ම ජයගත් සත්කාරක ඔස්ටේ්‍රලියාව මේ වනවිට තරගාවලියම ජයගෙන අවසන්.
කිසියම් අයුරකින් අද තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් 5 – 0 ක පූර්ණ තරගාවලි ජයක් ඔස්ටේ්‍රලියාවට හිමිවනු ඇති.
COMMENTS