
කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ලංකාවේ ඉන්ධන මිල පවතින්නේ අඩු අගයක බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කර ඇත්තේ දීර්ඝ කලකට කලින් බවත් හෙතෙම පවසයි.
ලංකාව තුළ පෙට්‍රල් ලීටරයක් ඇමරිකානු ඩොලර් 0.88ක් ඩිසල් ලීටරයක් ඩොලර් 0.60ක් වන බවත් ලෝක බැංකු වාර්තාවක් ද උපුටමින් හෙතෙම සඳහන් කරයි.

තම Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැනටමත් ඉඟි ලබා දී ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ බ්ලූම්බර්ග් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතැම් වෙනස්කම් කරමින් සිටින බවද පවසන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියද ලබාදෙන්නේ එවන් උපදෙස් බවද සඳහන් කළේය.
නමුත් දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව ද ඔහු එහිදී පැවසීය.
COMMENTS