
ගිනි ගැනීමට ලක්වු MV -X Press Pearl නෞකා හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීමේ ඉදිරි කටයුතු පිලිබදව නීති උපදෙස් ලබා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු නීති සමාගමක් සමග කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි සදහන් කළේය.
වන්දි වශයෙන් මුදලින් රුපියල් බිලියනක පමණ මුදලක් මේ වන විට ලැබී ඇති බවත්, අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේවන විට තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යතුමා සදහන් කළේය.
නැව ගිනිගත් මොහොතේ ප්‍රධාන කාර්ය බවට පත් වුයේ ඉන් සිදු වන ව්‍යසනය අවම කර ගනිමින් නැවෙන් තෙල් කාන්දුවක් සිදු නොවන ආකාරයෙන් හා පාරිසරික හානි නොවන අයුරින් කටයුතු කිරීම බැවින් එය මනාව සිදු කිරීමට රජය කටයුතු කල අතර ඉන් පසුව නැවෙන් විසිරුණු භාණ්ඩ ඉවත් කිරීම සිදු කළ අතර එය මේ වන විටත් සියයට 90 ක පමණ ප්‍රමාණයක් සිදු කර තිබෙන බව ද අමාත්‍යතුමා පැවසීය.

අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ නැව ගිනි ගැනීම හේතුවෙන් ඉවතට විසිරුනු භාණ්ඩ ඉවත් කර අවසන් වු වහාම නැව මෙම ස්ථානයෙන් ඉවතට ගෙන යාම අදියර කිහිපයක් යටතේ ක්‍රමානුකූලව සිදු කරන බවයි.
නැව ගිනි ගැනීමට ලක් වු අවස්ථාවේ සිට මේ දක්වා සියලු කටයුතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා එක්ව කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS