ලංකාවේ වාහන භාවිත කරන්නන් බරපතල අර්බුදයකට

VEHICLE

ශ්‍රී ලංකාවේ වාහන භාවිතා කරන්නන් ඉදිරියේ ඇති වන බරපතල අර්බුදයක් පිළිබඳව ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමය (CMTA) කනස්සල්ල පළ කර තිබේ.

අමතර කොටස් ඇණවුම් සම්බන්ධයෙන් LC පහසුකම් ස්ථාපිත කිරීමේ දුෂ්කරතා පිළිබඳව කනස්සල්ල මතු කරන අතර බැංකු විසින් මෙම නිල නොවන සීමා කිරීම් ශ්‍රී ලංකාවේ වාහන නඩත්තු කිරීම අඩාල කිරීමට පටන් ගෙන ඇති බව ඔවුන් පවසයි.

“මෙම සීමා කිරීම් භාණ්ඩ හා පුද්ගල ප්‍රවාහනයට මෙන්ම සමස්ත ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කරනු ඇත. ප්‍රවාහන ක්‍ෂේත්‍රය නැවතුණහොත් එය ප්‍රවාහන පහසුකම් මත දැඩි ලෙස රඳා පවතින අපනයන සහ සංචාරක ව්‍යාපාරය වැනි රටේ ප්‍රධාන ආදායම් මාර්ගවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත”යනුවෙන් සංගමය අනතුරු ඇඟවීය.

බොහෝ වාහන හිමියන් අනතුරුදායක පැච් අළුත්වැඩියා කිරීම්, අව්‍යාජ නොවන අමතර කොටස් භාවිතය සහ විදේශයන්හි කුණුකන්දවලින් ආනයනය කරන අමතර කොටස් භාවිත කිරීම වාහන භාවිතා කරන්නන්ට සහ මහජනතාවට විශාල අවදානමක් ගෙන දෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

LC පහසුකම්වල මෙම සීමා කිරීම් සහ ප්‍රමාදයන් හේතුවෙන් මෝටර් රථ වෙළඳපොළ පුරා අවිනිශ්චිතතාවයක් සහ භීතියක් ඇති කරමින් අමතර කොටස්වල සැපයුම හෝ මිල අනාවැකි පළ කිරීමට නීත්‍යානුකූල බලයලත් හිමිකරුවන්ට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වයස්ගත වාහන ඇණිය ක්‍රියාකාරීව පවත්වාගෙන යාම සඳහා මෝටර් රථ කර්මාන්තයේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් අමතර කොටස් අත්‍යවශ්‍ය භාණ්ඩ කාණ්ඩයක් ලෙස හඳුනා ගන්නා ලෙසත් ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

http://www.aruna.lk/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »