ජාත්‍යන්තර සිසුන් ඔස්ටේ්‍රලියාවේදී මුහුණ දෙන අලුත්ම ගැටලුවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ජාත්‍යන්තර සිසුන් ඔස්ටේ්‍රලියාවේදී මුහුණ දෙන අලුත්ම ගැටලුවක්

ජාත්‍යන්තර සිසුන් ඔස්ටේ්‍රලියාවේදී මුහුණ දෙන අලුත්ම ගැටලුවක්

ඔස්ටේ්‍රලියාව තුළදී උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට සිය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ රැකිාවක් සොයාගැනීමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණදීමට සිදුවන බව නවතම අධ්‍යයනයක් හෙළි කරනවා.

කොවිඩ් වසංගතයෙන් පසු එම තත්වය උග්‍රවී ඇති බවයි එම වාර්තා හෙළි කරන්නේ.

ඇතැම් සිසුන් සරල පාඨමාලා හදාරා ඇතත් ඔස්ටේ්‍රලියාව තුළ අත්‍යවශ්‍ය රැකියා ලැයිස්තුවට අන්තර්ගතවී ඇත්තේ සංකීර්ණ පාඨමාලා අයත් ක්ෂේත්‍ර වීම මීට ප්‍රධාන හේතුවයි.

ගතවූ සති 06 තුළදී ජාත්‍යන්තර සිසුන් 30,000 ක් පමණ ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබෙනවා.

එමෙන්ම රැකියා හිගය මගහරවාලීම සඳහා රැකියා කල හැකි පැය ගණනේ සීමාව ඉවත් කිරීමටද ෆෙඩරල් රජය පසුගියදා කටයුතු කලා.

කෙසේවෙතත් රැකියා වීසා ලබාගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ඔවුන්ට ලැබෙන රැකියා අතර පරස්පරතා තිබීම ප්‍රධාන ගැටලුවක් බවයි මෙම වාර්තාව සඳහන් කරන්නේ.

https://www.abc.net.au/news/2022-02-19/international-students-unhappy-with-career-opportunities/100837312

COMMENTS