මෙල්බන් නව නිරෝධායන මධ්‍යස්ථානය ලබන සතියේ විවෘත කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් නව නිරෝධායන මධ්‍යස්ථානය ලබන සතියේ විවෘත කෙරේ

මෙල්බන් නව නිරෝධායන මධ්‍යස්ථානය ලබන සතියේ විවෘත කෙරේ

මෙල්බන් නගරයේ ඉදිකල නව නිරෝධායන මධ්‍යස්ථානය ලබන සතියේදී විවෘත කෙරෙනවා.

පුද්ගලයන් 1000 කට එහි පහසුකම් සළසා ඇති නමුත් පළමුවෙන් 500 දෙනෙකුට පමණක් නිරෝධායනය විය හැකියි.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 200 ක්.

තවත් නිරෝධායන මධ්‍යස්ථාන 02 ක් ලබන මාර්තු 31 වනදා වනවිට ඉදි කිරීමටද නියමිතව තිබෙනවා.

එන්නත්කරණයෙන් තොරව පැමිණෙන වැඩිහිටි පුද්ගලයන් සඳහා මෙහි ඩොලර් 1500 ක මුදලක් අය කෙරෙන අතර වයස අවුරුදු 03 ත් 18 ත් අතර ළමුන්ගෙන් ඩොලර් 500 ක් අයකෙරෙනවා.

ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා ලබන සඳුදා සිට පූර්ණව විවෘත කිරීමට නියමිතයි.

https://www.abc.net.au/news/2022-02-19/victoria-records-more-covid-deaths-cases-hospitalisations/100844912

COMMENTS