
විදේශීය ආයෝජකයන්ට, ධනවතුන්ට ඉක්මනින් බ්‍රිතාන්‍යයේ ස්ථිර පුරවැසිභාවය(PR) ලබාදීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ වීසා බලපත්‍ර ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කල බව ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් ප්‍රකාශ කරනවා.
මෙම වීසා ක්‍රමය 2008 වසරේදී හඳුන්වා දෙනු ලැබූයේ යුරෝපා සංගමයෙන් පිටත රටවල සුපිරි ධනවතුන් එක්සත් රාජධානියේ ආයෝජනය කිරීමට දිරිගැන්වීම සඳහාය.
එහිදී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2 ක් මෙරට ආයෝජනය කරන පුද්ගලයෙකුට වසර පහක් තුල බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වූ අතර පවුම් මිලියන 5ක් ආයෝජනය කරන්නෙකුට වසර 3ක් තුලත් පවුම් මිලියන 10 ක් ආයෝජනය කරන්නෙකුට වසර 2ක් තුලත් ස්ථිර පදිංචිය(PR) අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුනි.

Tier 1 වීසා යනුවෙන් හැඳින්වඋ මෙම වීසා ක්‍රමය භාවිතාවේදී ‘ගෝල්ඩන් වීසා’ යන නමින් හැඳින්විනි.
නමුත් පසුකාලීනව මෙම වීසා ක්‍රමය සම්බන්ධයෙන් කරල ලද පසු විපරමකදී මෙම ක්‍රමය හරහා කළු මුදල් සහ දූෂිත ප්‍රභූන්ට එක්සත් රාජධානියට පිවිසීමට අවස්ථාව ලැබෙන බව අණාවරණය කර ගත් අතර ඒ හේතුවෙන් වහාම මෙම වීසා ක්‍රමය නතර කිරීමට තීරණය කෙරුණි.

මෙවැනි වීසා ක්‍රමයක් හරහා කළු මුදල් රටට ගලා ඒමක් පමණක් නොව එය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වන බව අණාවරණය කරගෙන ඇත කෙසේ වෙතත් මෙම වීසා ක්‍රමය අවලංගු කලද ඉදිරියේදී වඩා ක්‍රමවත් ආයෝජන වීසා ක්‍රමයක් හඳුනදෙන බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා ප්‍රකාශ කරනව.
ආයෝජන තුලින් නව රැකියා බිහිකිරීමට මෙන්ම බදු ගෙවන්නන් ආරක්ෂා කිරීමටද අවස්ථාව සැලසෙන ලෙස නය ක්‍රමය හඳුන්වා දෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
COMMENTS