
කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොමැති දේශීය පුද්ගලයන්ට වුවද Northern Territory වෙත ඇතුලුවීමට අවසර දී තිබෙනවා.
මාත්‍රා 02 ක් ගෙන නොමැති පුද්ගලයන්ට ප්‍රාන්තයට ඇතුලුවීම වළක්වනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 22 වන දිනයි.
එය කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් ද පණවා තිබුණා.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ සිට එම රෙගුලාසිය ඉවත් කල බවයි Northern Territory රජය නිවේදනය කර සිටින්නේ.
ගතවූ පැය 48 තුළ නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තද කොවිඩ් රෙගුලාසි ලිහිල් කරනු ලැබුවා.

COMMENTS