
වික්ටෝරියා ප්‍රාන්තයේ අලුතින් ආරම්භ කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති සඳහා නව බද්දක් අයකිරීමට ප්‍රාන්ත රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
2024 වසරේ සිට එය බලාත්මක වන අතර සියයට 1.75 ක බද්දක් මෙහිදී අය කිරීමට නියමිතයි.
Melbourne, Ballarat, Bendigo & Geelong යන ප්‍රදේශවල ඉදි කිරීම් ආරම්භ කරන නව නිවාස ව්‍යාපෘති සියල්ල මෙම බද්දට යටත් කර තිබෙනවා.

එහි බර දැරීමට පාරිභෝගිකයන්ට සිදුනොවන බවට ප්‍රාන්ත රජය අවධාරණය කර ඇතත් එය සත්‍යයෙන් තොර බවටයි ව්‍යාපෘති සමාගම් මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම්ද පෙන්වා දෙන්නේ.
ඩොලර් 750,000 පමණ වන නව නිවසකින් මෙහිදී ඩොලර් 13,500 ක පමණ මුදලක් බද්ද ලෙස අය කෙරෙන අතර අනිවාර්යෙන්ම නිවාස මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

COMMENTS