04 වන තරගයෙනුත් ලංකාව පරදී

CRICKET

ඔස්ටේ්‍රලියාවට එරෙහි 04 වන පන්දුවාර 20 තරගයෙන්ද ශ්‍රී ලංකාවට පරාජය අත්වුණා.

ඒ කඩුලු 06 කින්.

තරගය ජය ගැනීමට ඔස්ටේ්‍රලියාවට හිමිවු ඉලක්කය ලකුණු 140 ක්.

එය පන්දුවාර 18 යි එක් පන්දුවකදී අභිබවා යාමට ඔවුන් සමත් වුණා.

මෙල්බන් නුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 08 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 139 ක්.

පැතුම් නිස්සංක 46 ක්ද – කුසල් මෙන්ඩිස් 27 ක් ද – චරිත් අසලංක 22 ක් ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ජයි රිචර්ඩ්සන් ළකුණු 20 කට කඩුලූ 02 ක් ද කේන් රිචර්ඩ්සන් ළකුණු 44 කට කඩුලූ 02 ක් ද බිඳහෙලූවා.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 48 යි.

ජොෂ් ඉංග්ලිෂ් 40 ක්ද ඇෂ්ටන් ඒගාර් ළකුණු 26 ක්ද ලබාගත්තා.

ළහිරු කුමාර ළකුණු 22 කට කඩුලු 02 යි.

දෙරට අතර අවසාන පන්දුවාර 20 තරගය අනිද්දා මෙල්බන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »