Search

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා ලබන 03 දා විවෘත කෙරේ

දීර්ඝ කාලයක් වසා දමා තිබූ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා ලබන මස 03 වනදා විවෘත කෙරෙන බව ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් අද නිවේදනය කලා.

ඒ අනුව එන්නත් මාත්‍රා 03 ම ගෙන ඇති පුද්ගලයන්ට නිරෝධායනයකින් තොරව අන්තර් ප්‍රාන්ත අතර ගමන් කිරීමට අවසර හිමිවනු ඇති.

කෙසේවෙතත් දේශීය මෙන්ම ජාත්‍යන්තර සංචාරකයන්ද බටහිර ඔස්ටේ්‍රලියාවට පැමිණීමට පැය 12 කට පෙර රැපිඩ් පරීක්ෂණයක් කර ගත යුතු වනවා.

මෙතෙක් කලක් ප්‍රාන්ත සීමා වසා දැමීමට සිදුවූයේ ජීවිත ආරක්ෂා කිරීමට බවද අගමැතිවරයා සඳහන් කලා.

කෙසේවෙතත් ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය තවදුරටත් ලබන සඳුදා පෙරවරු 06 සිට යළි දැනුම් දෙන තුරු දීර්ඝ වනවා.

අවන්හල් – සැලුන් ඇතුලු පොදු ස්ථානවල උපරිම සීමාද ක්‍රියාත්මක වනවා.

https://www.9news.com.au/national/coronavirus-wa-border-update-western-australia-hard-border-to-reopen-to-the-rest-of-australia-march-3/7c18a941-bfc2-4d1c-8db2-79fbbb49cae6

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »