Breaking: පාස්කු නඩුවෙන් පූජිත් ද නිදොස් කොට නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව එල්ල වී තිබූ සියලූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

නාමල් බලල්ලේ ,ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකවයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කලේ.

අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් පූජිත් ජයසුන්දර මහතා නිදහස් කෙරුනේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.

නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුලු චෝදනා යටතේ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මෙම නඩුව ගොණු කර තිබුණා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »