
විදේශ ගතවන පුද්ගලයින්ට එම රටවල් අනුමත කරන ලද එන්නත් ලබා දීම සඳහා තුන් වන මාත්‍රාව ලෙස ලබාදෙන ෆයිසර් එන්නත හතරවෙනි මාත්‍රාවක් ලෙස ලබා දීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා.
තුන්වන මාත්‍රාව ගෙන මසකට පසු හතරවෙනි මාත්‍රාව ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා.
මෙම හතරවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන්නේ විදේශගත වන අය සඳහා පමණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

විදෙස්ගතවීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින්ට ඒ ඒ රටවල අවශ්‍යතාව පරිදි කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා අවශ්‍ය නම් එය ලබාදීමට පියවර ගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීම් අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊට අදාල පහසුකම් සැලසීමට හැකියාව පවතින බවයි මාධ්‍ය අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ.

COMMENTS