වැඩියෙන් ඉල්ලුවොත් වැඩියෙන් සල්ලි – ආගමික ප්‍රජාවට මුදල් දීම ගැන සංක්‍රමණ ඇමති පහදයි

සභාග රජයේ ආරක්ෂිත ප්‍රජාවන් සඳහා වන අරමුදල (Safer Communities Fund) යටතේ සෑම ආගමකටම සමාන අයුරින් ප්‍රතිපාදන  (Grant) බෙදී යා යුතු බව ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී අවධාරණය වී තිබෙනවා.

ඒ ඇතැම් ආගම් සඳහා සාපේක්ෂව වැඩි මුදල් ප්‍රතිපාදන ලබාදී ඇතැයි සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් විසින් පාර්ලිමේන්තුවේදී පිළිගැනීමත් සමගයි.

ඉස්ලාම් – බෞද්ධ – හින්දු සහ සික් යන ආගම් කොට්ඨාශ මගින් ලැබී ඇත්තේ අඩු අයදුම්පත් සංඛ්‍යාවක් බවද එබැවින් ඔවුන්ට වෙන් කර ඇත්තේ අඩු මුදල් ප්‍රතිපාදන බවද අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

එම ආගම් විසින්ද වැඩි අයදුම්පත් සංඛ්‍යාවක් යොමු කරන්නේ නම් වැඩි මුදල් ප්‍රතිපාදන ලබාදිය හැකි බවත් සංක්‍රමණ අමාත්‍යවරයා විසින් කියාසිටියා.

ස්කොට් මොරිසන් පරිපාලනය යටතේ ආගමික කොට්ඨාශ සඳහා මුදල් ප්‍රතිපාදන බෙදාදීමේදී ක්‍රිස්තියානි සහ යුදෙව් ජන කොටස් වෙනුවෙන් වැඩි මුදල් වෙන් කිරීමක් සිදුකර ඇති බවටයි විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ වාර්තාවක සඳහන් වුණේ.

ප්‍රතිශතයක් ලෙස එය සමස්ත ආධාර මුදලින් සියයට 80 කට ආසන්න බවද එම වාර්තාවේ සඳහන්.

2016 වසරේදී පිහිටුවනු ලැබූ මෙම අරමුදල යටතේ මේ වනවිට අයදුම්කරුවන් 700 කට වැඩි පිරිසක් සඳහා ඩොලර් මිලියන 184 කට වැඩි මුදලක් ප්‍රදානය කර අවසන්.

එමෙන්ම  Filipino, Iraqi, Italian, Russian, Assyrian, Chinese, Congolese, Fujian, Indian, Iranian, Korean, Kurdish, Malaysian, Persian, Polish, Ukrainian යන ජන කොට්ඨාශ වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නොමැති බවටද විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී තිබුණා.

https://bit.ly/3gTwkCv

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »