
එන්නත්කරණයට ලක් නොවූ ඔස්ටේ්‍රලියානුවන් විසින් ව්‍යාජ එන්නත් සහතික නිපදවීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
එන්නත් ගෙන නොමැති පුද්ගලයන්ට මෙම මාසය මුල සිට ප්‍රසිද්ධ ස්ථාන රැසකට පිවිසීම වළක්වාලීමට බළධාරීන් පියවර ගැනීම ඊට හේතුවයි.
මේ සඳහා ඔස්ටේ්‍රලියානු රජයේ නිල වෙබ් අඩවි හා සමාන ආකාරයෙන්ම ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක්ම නිර්මාණය කර ඇති බවටයි තොරතුරු හෙළිවන්නේ.

පවතින තත්වය හමුවේ පාරිභෝගිකයන්ගේ එන්නත් සහතික ඉතා සුපරීක්ෂාකාරීව පරීක්ෂා කර බලන ලෙස Hospitality ස්ථාන හිමිකරුවන් විසින් ඔවුන්ගේ සේවකයන්ට දැනුම් දී තිබෙනවා.
එන්නත් ගෙන නොමැති පුද්ගලයන් ඇතැම්විට කොවිඩ් ආසාධිතයන් විය හැකි වීම ඊට හේතුවයි.
