
ඔස්ටේ්‍රලියාවෙ සංක්‍රමණ රැඳවුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් විසින් දැඩි විවේච්චනයක් එල්ලකර තිබෙනවා.
ඔවුන් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ආගමන නීති කඩකරන පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවේදී සාමාන්‍යයෙන් දින 689 ක් රැඳවුම් භාරයේ සිටීමට සිදුවන බවයි.
එය අමෙරිකාව හා සැසඳීමේදී 12 ගුණයක වැඩිවීමක් බව එහි සඳහන්.

අමෙරිකාවේ සංක්‍රමණ රැඳවුම් කාලය දින 55 ක් බවද කැනඩාවේ එම කාලය දින 14 ක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වාර්තා අනුව දැනට ඔස්ටේ්‍රලියාව පුරා රැඳවුම් මධ්‍යස්ථානවල සිටින අනවසර සංක්‍රමණිකයන් සංඛ්‍යාව 1,459 ක්.

ඉන් 08 දෙනෙකු වසර 10 කට වැඩි කාලයක්ද 117 දෙනෙකු වසර 05 කට වැඩි කාලයක්ද රැඳවුම් භාරයේ සිටින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කලා.