ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා 04 වන T20 තරගය අද මෙල්බන් හිදී

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පන්දුවාර 20 තරගාවලියේ 04 වන තරගය අද මෙල්බන් හිදී පැවැත්වෙනවා.

මෙල්බන් වේලාවෙන් රාත්‍රී 07 යි 10 ට එය ආරම්භ වනු ඇති.

කෙසේවෙතත් 03 ට 00 ක් ලෙස ඔස්ටේ්‍රලියා කණ්ඩායම දැනටමත් තරගාවලිය ජයගෙන අවසන්.

මේ අතර ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් හා නුවන් තුෂාරට ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන අවසාන විස්සයි විස්ස තරග දෙක අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ පුහුණු සැසියක් අතරතුර රමේෂ් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති බවයි.

ඔස්ටේ්‍රලියාව සමග පැවති තුන්වන විස්සයි විස්ස තරගය අතරතුර පන්දු යවමින් සිටියදී නුවන් තුෂාර ආබාධයකට ලක්වු අතර ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මේ අතර ප්‍රබල ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් වන මිචෙල් ස්ටාර්ක් / ජෝෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 04 වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බව ඔස්ටේ්‍රලියානු නායක ඒරන් ෆින්ච් පවසනවා.

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ඔස්ටේ්‍රලියා – පකිස්ථාන ටෙස්ට් හා එක්දින තරග මාලාව ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රීඩකයන් තුන් දෙනාට විවේකයක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »