නිවු සවුත් වේල්ස් කොවිඩ් නීතිත් හෙට සිට ලිහිල් කරයි

වික්ටෝරියා ප්‍රාන්තය විසින් සිදුකල කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීම්වලට සමගාමීව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේද හෙට සිට කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා.

Hospitality ස්ථානවල වර්ග මීටර් 02 නීතිය හෙට සිට ඉවත් වනවා.

පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් සහභාගී වන සංගීත උත්සව සහ සමාජ ශාලාවලදී පමණක් QR Codes භාවිත කල යුතුයි.

නිවසේ සිට රාජකාරි කිරිම වෙනුවට අධියරෙන් අධියර යළිත් කාර්යාල වෙත වාර්තා කිරිම සිදු කල යුතු බව නිවු සවුත් වේල්ස් අගමැතිවරයා සඳහන් කලා.

හෙට සිට මහා පරිමාණ නොවන සංගීත ඉසව් සඳහා අවසර ලැබෙන අතර නැටුම් සහ ගැයුම් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

ලබන 25 වනදා සිට තවත් රෙගුලාසි කිහිපයක් ලිහිල් කිරිමට ද නියමිතයි.

මහා පරිමාණ සංගීත සංදර්ශන සඳහා එදින සිට අවසර හිමිවන අතර මුව ආවරණ රෙගුලාසි රැසක්ද එදින සිට ලිහිල් වනවා.

ඒ අනුව ලබන 25 වනදා සිට මුව ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනය – රෝහල් – සාත්තු නිවාස – ගුවන් තොටුපළ – ගුවන් යානා සහ පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් පැමිණෙන ගෘහස්ථ සංගීත ඉසව් සඳහා පමණයි.

මහා පරිමාණ සංගීත ඉසව් සඳහා පණවා ඇති 20,000 උපරිම ධාරිතා සීමාවද ලබන 25 වන දින සිට ඉවත් වනවා.

පූර්ණ එන්නත්කරණය නොමැති පුද්ගලයන් සඳහා බලාත්මක හෝටල් නිරෝධායනයද දින 14 සිට 07 දක්වා අඩු කර ඇතැයි අගමැතිවරයා කියාසිටියා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »