ඔස්ටේ්‍රලියා හිටපු ක්‍රිකට් පුහුණුකරු ලංකාවට ??? – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා හිටපු ක්‍රිකට් පුහුණුකරු ලංකාවට ???

ඔස්ටේ්‍රලියා හිටපු ක්‍රිකට් පුහුණුකරු ලංකාවට ???

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කන්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන ජස්ටින් ලැන්ගර් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා බළධාරින් යම් උත්සාහයක් දරන බවට වාර්තා පළව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා උපුටා දක්වමින් ඔස්ටේ්‍රලියානු වෙබ් අඩවියකයි මේ බව වාර්තා කර ඇත්තේ.

ජස්ටින් ලැන්ගර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සම්බන්ධ වීමට යම් කැමැත්තක් දක්වන්නේ නම් ඔහු සම්බන්ධ කර ගැනීමට සුදානම් බවට අරවින්ද සිල්වා සදහන් කල බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ.

කොන්ත්‍රාත් කාලය පිළිබද ගැටලුවක් මුල් කර ගමින් ජස්ටින් ලැන්ගර් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් පසුගියදා ඉවත් වුනා.

මේ අතර කොවිඩ් ආසාදනය වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු මෙල්බන් නුවර පැවැත්වෙන මීලග විස්සයි විස්ස තරග දෙක සදහා එක්වනු ඇතැයි ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් අනාවැකි පළ කරනවා.

සමාජ මාධ්‍යයේ පැවති සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කලේ.

Sri Lanka in search of acquiring Justin Langer’s services as head coach

COMMENTS