ජෙට් ස්ටාර් පර්ත් ගුවන් ගමන් නවතයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ජෙට් ස්ටාර් පර්ත් ගුවන් ගමන් නවතයි

ජෙට් ස්ටාර් පර්ත් ගුවන් ගමන් නවතයි

පර්ත් සිට අනෙකුත් ප්‍රධාන නගර දක්වා මාර්තු මාසයට සැළසුම් කර තිබු සියලු ගුවන් වාර අවලංගු කිරීමට ජෙට් ස්ටාර් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් විසින් තීරණය කිරීමත් සමගයි.

කෙසේවෙතත් ක්වන්ටාස් ඇතුලු අනෙකුත් ගුවන් සමාගම් තවදුරටත් පර්ත් සිට ගුවන් ගමන් පවත්වාගෙන යනවා.

එහෙත් එම ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත සීමා වසා දමා තිබීම හමුවේ සිඩ්නි සිට ලන්ඩන් දක්වා ගුවන් ගමන් ජූනි මාසය දක්වා ඩාර්වින් හරහා ක්‍රියාත්මක කිරීමටද ක්වන්ටාස් ගුවන් සේවය පසුගියදා තීරණය කරනු ලැබුවා.

https://www.watoday.com.au/national/western-australia/jetstar-cancels-flights-from-perth-amid-indefinite-wait-on-wa-border-call-20220216-p59wxh.html

COMMENTS