ඔස්ටේ්‍රලියානුවන්ට සතියට දින 03 ක් නිවාඩු ??? – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියානුවන්ට සතියට දින 03 ක් නිවාඩු ???

ඔස්ටේ්‍රලියානුවන්ට සතියට දින 03 ක් නිවාඩු ???

ඔස්ටේ්‍රලියාව තුළ සතියේ වැඩ කරන දින ගණන 04 දක්වා අඩු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඊට අදාළ නියමු ව්‍යාපෘතියක් නවසීලන්තයද සමග ඒකාබද්ධව ලබන අගෝස්තු මාසයේදී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

දැනටමත් මෙරට සේවා ස්ථාන අතුරින් සියයට 25 ක් පමණ සතියේ වැඩ කරන පැය ගණන 32 ක් හෙවත් දින 04 ක් දක්වා අඩු කර තිබෙනවා.

එය සියලු සේවා ස්ථාන සඳහා අදාළ කල හැකිද යන්න අගෝස්තු මාසයේදී සිදු කෙරෙන නියමු ව්‍යාපෘතියේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතයි.

ඵලදායිතාවය ඉහළ නැංවීම – මානසික ගැටලු අවම කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම වැනි කරුණු එමගින් අපේක්ෂා කෙරෙනවා.

දැනටමත් බෙල්ජියම – ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් කිහිපයක්ම සතියේ වැඩ කරන දින ගණන 04 කට අඩු කර තිබෙනවා.

https://7news.com.au/business/workplace-matters/belgium-joins-a-growing-list-of-nations-moving-to-a-four-day-work-week-but-is-it-possible-in-australia-c-5717925

COMMENTS