වනිදු ගැන නරක ආරංචියක්

අයි සී සී විස්සයි විස්ස  ශ්‍රේණිගත කිරිමේ පන්දුයවන්නන් අතර පළමු ස්ථානයේ පසුවු ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග එහි 3 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරිම් යටතේයි.

වනිදු විස්ස විස්ස පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ගේ ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ 5 වන ස්ථානයේයි

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් හි පන්දු යවන්නන් අතර පලමු ස්ථානයේ පසුවන දකුනු අප්‍රිකාවේ ටැබ්රිස් ශබ්සි.

දෙවැනි ස්ථානය ඔස්ටේ්‍රලියාවේ ජෝස් හේසල්වුඩ්ට හිමිව තිබෙනවා.

මේ අතර මහීෂ් තීක්ෂණ ස්ථාන 16 ක් ඉදිරියට පැමිණෙමින් T20 පන්දු ‍යවන්නන් ගේ ශ්‍රේණිගතකිරීම් අනුව 29 ස්ථානයට පත්ව තිබෙනවා.

එමෙන්ම පැතුම් නිශ්ශංක දැනට පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තරගාවලියේදි දැක්වු දස්කම් පදනම් කරගනිමින් ස්ථාන 42 ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම් වල 21 වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරණ ග්‍රේණිගත කිරීම වල 8 වන ස්ථානයේ පසුවනවා

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »