
දින කිහිපයකට ඉහතදී මෙල්බන් 7-Eleven අලෙවි සැලක් අසලදී උණු කෝපි කෝප්ප ප්‍රහාරයකට ලක්වූ කාන්තාව මියගොස් තිබෙනවා.
52 හැවිරිදි මෙම කාන්තාව සතියක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බව සඳහන්.
පසුගිය පෙබරවාරි 08 වනදා උදාසන 10 යි 15 ට පමණ Caulfield හි Hawthorn පාරේ පිහිටා ඇති 7-Eleven අලෙවිසැල අසල සිටියදීයි ඇය මෙම ප්‍රහාරයට ගොදුරුවූයේ.

සිද්ධියට අදාළව 51 හැවිරිදි සැකකාරියක එදිනම අත්අඩංගුවට ගැණුනු අතර ඇයට එරෙහිව චෝදනා ගොණු කෙරුණා.
කෙසේවෙතත් මරණයට නිශ්චිතවම හේතුව කුමක්දැයි තහවුරු කරගැනිමට පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතයි.
