දුෂ්මන්ත චමීර ඉන්දීය රු කෝටි 02 කට – මහීෂ් තීක්ෂණ ලක්ෂ 70 කට අලෙවි වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

දුෂ්මන්ත චමීර ඉන්දීය රු කෝටි 02 කට – මහීෂ් තීක්ෂණ ලක්ෂ 70 කට අලෙවි වෙයි

දුෂ්මන්ත චමීර ඉන්දීය රු කෝටි 02 කට – මහීෂ් තීක්ෂණ ලක්ෂ 70 කට අලෙවි වෙයි

2022 අයි පී එල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 ක මුදලකට අලෙවි වුණා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසිනුයි ඔහු මිළදී ගනු ලැබුවේ.

දුෂ්මන්ත චමීර සඳහා තබා තිබූ මූලික ලංසුව වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක්.

පසුගිය වර පැවති අයි පී එල් තරගාවලියේදී චමීර ක්‍රීඩා කලේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහායි.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සඳහාද මෙවර ලංසු තබා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70 කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ලබාගෙන තිබෙනවා.

COMMENTS