
අනාගත දේශපාලන ගමනක් පිළිබඳ මේ වන විට කතිකාවක් මතු වෙමින් පවතින බව ශ්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන වන පුෂ්පිකා ද සිල්වා පවසයි.
ලෝක විවාහක රූ රැජන තරගය නියෝජයන කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඇය මේ බව කියා සිටියේ ඇයගේ මුහුණුපොතට සටහනක් එක් කරමිනි.
“ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයට ඉදිරිපත් වීමේදී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට විනිශ්චය මණ්ඩලය, ජාතික අධීක්ෂකවරයා ඇතුළු දෙස් විදෙස් සැමට තම ස්තූතිය පුද කරන බව ද ඇය එහි සටහන් කර ඇත.

ඇය කිසිවකුට වෛර නොකරන බව ද එහි සඳහන් කර ඇති ඇය වෛර කළ අයටත් ඒ මොහොතේම සමාව දී ඇති බවත් වෛරයෙන් කිසිවක් දිනන්නට බැරි බවත් වැඩි දුරටත් සඳහන් කර ඇත.
8 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විවාහක රූ රැජන නාමය ඉවත් කිරීමට විවාහක රූ රැජන සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් මහතා පියවර ගෙන ඇත.

තම සංවිධානයට පැවරී ඇති නීත්‍යනුකූල බලතල අනුව මේ පියවර ගත් බවත්, ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට “ශ්‍රී ලංකා විවාහක රූ රැජන” යන නාමය දේශීය වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීමට නොහැකි බව එම කමිටුවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ලෝක විවාහක රූ රැජන තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.