වික්ටෝරියා හෝටල් නිරෝධායනය අත්හිටුවයි

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනය අත්හිටුවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අලුතින් ඉදි කල නිරෝධායන මධ්‍යස්ථානයේ කටයුතු මාර්තු අග සිට ආරම්භ කිරීමත් සමගයි.

පළමු අධියර යටතේ ඇඳන් 250 කින් සමන්විත මෙම මධ්‍යස්ථානය එන්නත්කරණයෙන් තොරව රටට පැමිණෙන පුද්ගලයන් සහ නිවෙස්වල නිරෝධායනය විය නොහැකි පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් සැලසීමට නියමිතව තිබෙනවා.

2020 දෙසැම්බර් සිට ඔස්ටේ්‍රලියානුවන් 70,000 කට වැඩි පිරිසක් වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ නිරත වී තිබෙනවා.

නව මධ්‍යස්ථානයේ ධාරිතාවය මාසයෙන් මාසය වැඩි කිරීමටද නියමිතයි.

https://www.9news.com.au/national/coronavirus-victoria-update-hotel-quarantine-to-end-as-purpose-built-quarantine-hub-opens/38154495-803a-4845-b0b5-a5eebc390169