NSW හිටපු අගමැතිනීට අලුත් රැකියාවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත හිටපු අගමැතිනී Gladys Berejiklian , Optus සමාගමේ විධායක කාර්ය මණ්ඩලයට සම්බන්ධ වී තිබෙනවා.

ඇයට එහි ව්‍යාපාර අංශයේ කළමණාකාර අධ්‍යක්ෂ ධුරයක් පිරිනමා ඇති බව සඳහන්.

මහජන විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ ඇයට එරෙහි විමර්ශනයක් හමුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

සිය නව රැකියාව ලබන 28 වනදා සිට ආරම්භ වන බවයි හිටපු ප්‍රාන්ත අගමැතිනිය ප්‍රකාශ කලේ.

අගමැති ස්කොට් මොරිසන් සම්බන්ධයෙන් යවා තිබූ කෙටි පණිවිඩයක් හමුවේ ඇය පසුගිය දිනවල යළිත් දැඩි කථාබහකට ලක්ව සිටියා.

https://www.9news.com.au/national/gladys-berejiklian-joins-optus-managing-director-enterprise-business-institutional/abae7568-f382-42e3-a918-352a80f69ec2

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »