ඔස්ටේ්‍රලියාවට තවත් ඉන්දීය සිසුන් හා පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ සැලසුම් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවට තවත් ඉන්දීය සිසුන් හා පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ සැලසුම්

ඔස්ටේ්‍රලියාවට තවත් ඉන්දීය සිසුන් හා පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ සැලසුම්

ශිෂ්‍ය වීසා මත ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඉන්දීය සිසුන්ට තවත් අමතර ප්‍රතිලාභ සැලසීමට දෙරට එකගවී තිබෙනවා.

ඒ ඔස්ටේ්‍රලියා වෙළඳ අමාත්‍ය ඩෑන් ටෙහාන් සහ ඉන්දීය වෙළඳ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීයි.

මේ අනුව ඉන්දීය සිසුන්ට තවත් වසර 03 ක් හෝ 05 ක් ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටීමට පහසුකම් සැළසෙන පරිදි වීසා බලපත් නිකුත් කිරීම කෙරෙහිද ඔස්ටේ්‍රලියාවේ අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම පුහුණු ශ්‍රමිකයන් ලෙස ඉන්දියාවෙන් වැඩි පිරිසක් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීම කෙරෙහිද දෙරටෙහි අවධානය යොමු කර තිබෙනවා.

මීට අමතරව ගල් අගුරු – කෘෂිකර්ම වැනි ක්ෂේත්‍රවල වැඩි රැකියා ප්‍රමාණයක් ඉන්දියානුවන්ට හිමිවන පරිදි නව එකගතා ඇතිකර ගැනීමටත් දෙරට අතර සාකච්ඡා පැවැති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

චීනය සමග පැවති වෙළඳ සබඳතා පලුදුවීමත් සමග ඔස්ටේ්‍රලියාව විසින් ඉන්දීය වෙළඳපොල ආකර්ශනය කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවද සඳහන්.

https://timesofindia.indiatimes.com/business/india-business/india-australia-deal-may-have-visa-benefits-for-students/articleshow/89467359.cms

COMMENTS