වික්ටෝරියා රෝහල්වල Code Brown තත්වය අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ක්‍රියාත්මක Code Brown තත්වය අවසන් කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා සිට අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් යළිත් ආරම්භ කෙරෙන බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලේ.

පසුගිය ජනවාරි 19 වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තය පුරා සියලු පුද්ගලික සහ රජයේ රෝහල්වල Code Brown තත්වයක් ක්‍රියාත්මක කෙරුණේ කොවිඩ් ප්‍රතිකාර සඳහා මූලිකත්වය දීමේ අරමුණ ඇතිවයි.

මේ අනුව මාතෘ හා ළමා සායන කටයුතු ද නැවත යථා තත්වයට පත් වනු ඇති.

පසුගියදා සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අගවා සිටියේ Code Brown තත්වය අඛණ්ඩව පැවතුණහොත් වික්ටෝරියා මාතෘ හා ළමා සෞඛ්‍ය අවධානම් තත්වයකට පත්වන බවයි.

https://www.9news.com.au/national/victorias-health-systems-code-brown-to-end-elective-surgery-restrictions-to-ease/9960b829-0425-499b-9166-ac534d8da0fd

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »