
ට්‍රක් රථ සඳහාම පමණක් විශේෂිත නව කැමරා වර්ගයක් සිඩ්නි නගරයේ සියලුම අධිවේගී මාර්ගවල සහ උමං මාර්ගවල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
නියමිත වේගය ඉක්මවා ධාවනය වන ට්‍රක් රථ හඳුනාගැනීමයි එහි අරමුණ වන්නේ.
ගතවූ මාස 18 තුළ ප්‍රධාන පෙලේ මාර්ග ගණනාවක මෙම කැමරා ස්ථාපිත කර අවසන් අතර ඉදිර් මාස කිහිපය තුළ සියලු මාර්ග ආවරණය කිරීමට නියමිතයි.

කැමරා සහිත ස්ථානවල රිය අනතුරු අවධානම සියයට 51 කින් පමණ අඩු බවට වාර්තාවක් විසින් හෙළි කිරීමත් සමගයි මෙම පියවර ගෙන තිබුණේ.
සමස්ත කැමරා පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු මාස 02 ක සහන කාලයක් ලබාදෙන අතර එහිදී අවවාද කිරීම පමණක් සිදුකෙරෙනු ඇති.

අනතුරුව දඩ නියම කිරීම සිදුවනවා.
පසුගිය වසරේ අවසාන මාස 06 දී ධාවන සීමා උල්ලංඝනය කල ට්‍රක් රථ 1630 කින් ඩොලර් 11 ලක්ෂ 58 දහසකට වැඩි දඩ අයකරගෙන තිබුණා.