කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමේ Phase D ක්‍රියාත්මක කිරීමට ජාතික කැබිනට් අනුමැතිය – AusLanka TV – Australian News for the Sri Lankan community

කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමේ Phase D ක්‍රියාත්මක කිරීමට ජාතික කැබිනට් අනුමැතිය

කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමේ Phase D ක්‍රියාත්මක කිරීමට ජාතික කැබිනට් අනුමැතිය

කොවිඩ් මර්දන රෙගුලාසි ලිහිල් කිරීමේ 04 වන අධියර හෙවත් Phase D ක්‍රියාත්මක කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය ඊයේ රාත්‍රියේ අවසර ලබා දුන්නා.

ඒ අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයන්ට නිරෝධායනයකින් තොරව රටට ඇතුලුවීමට අවසර දීමයි Phase D යටතට අයත් වන්නේ.

එමෙන්ම රටට පැමිණිය හැකි සංචාරක සංඛ්‍යාවේ සීමා ඉවත් කිරීමද මෙමගින් අපේක්ෂිතයි.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත විසින් වසර 02 කට පමණ පසු දැවැන්ත මගී ප්‍රවාහන නෞකා ගෙන්වා ගැනීමද මේ යටතේ යළි ආරම්භ කෙරෙනු ඇති.

එළඹෙන ශීත සෘතුවේදී කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් අගමැති ස්කොට් මොරිසන් විසින් ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩලයේදී සියලු ප්‍රාන්ත අගමැතිවරුන් වෙත දන්වා තිබෙනවා.

https://www.9news.com.au/national/national-cabinet-atagi-booster-shot-third-vaccine-dose-covid19-vaccination-latest-news/ab452a9b-d5a9-446d-ba59-c94e13a9a50d

COMMENTS