
ඔස්ටේ ්‍රලියානුවන් කොවිඩ් මර්දන දෙවන මාත්‍රාව ගෙන මාස 03 ත් 06 ත් අතර කාලයකදී අනිවාර්යයෙන්ම බූස්ටර් මාත්‍රාවද ගත යුතු බවට ATAGI හෙවත් ප්‍රතිශක්තීකරණය සඳහා වන ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.
මාස 06 කට වඩා ප්‍රමාදවීම යනු කල් ඉකුත්වීමක් ලෙස මින් ඉදිරියට හැඳින්වෙනු ඇති.
වයස අවුරුදු 16 ට වැඩි සියල්ලන්ට මෙය අදාළ වන අතර ජාත්‍යන්තර සංචාරකයන්ට එය අදාළ නොවන බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියා.

පූර්ණ එන්නත්කරණය යනු මාත්‍රා 02 ද මාත්‍රා 03 ද යන්න සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැතිවරුන් අතර පැවති පරස්පරතා වලට විසඳුමක් දෙමිනුයි ATAGI විසින් මෙම නියමය නිකුත් කර ඇත්තේ.
කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් විසින් තවමත් ලබාගැනීම අනිවාර්යව පවතින්නේ පිළිගත් එන්නතකින් මාත්‍රා 02 ක් පමණයි.

එය 03 ක් කල යුතු බවට වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් අගමැතිවරුන් විසින් පසුගියදා කල යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.
COMMENTS