යුරෝපා නිෂ්පාදන ආනයන රෙගුලාසි ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ලංකාවට දන්වයි – AusLanka TV – Australian News for the Sri Lankan community

යුරෝපා නිෂ්පාදන ආනයන රෙගුලාසි ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ලංකාවට දන්වයි

යුරෝපා නිෂ්පාදන ආනයන රෙගුලාසි ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ලංකාවට දන්වයි

ඇතැම් යුරෝපා නිෂ්පාදන ආනයනය වළක්වමින් පණවා ඇති රෙගුලාසි ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.

ඒ බෙල්ජියමේ බ්‍රසල්ස් හිදී ඊයේ පැවති දෙපාර්ශවය අතර 24 වන ඒකාබද්ධ හමුවේදීයි.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් සඳහා පමණක් තාවකාලික ආනයන තහනමක් පණවා ඇති බවයි ශ්‍රී ලංකාව මෙහිදී පෙන්වා දී ඇත්තේ.

කොවිඩ් අර්බුදය හමුවේ උද්ගතවූ විදේශ විනිමය අර්බුදය ඊට හේතුව බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඉදිරියේදී එහි ප්‍රගතිය විමසා බලා ඇතැම්විට සංශෝධන සිදුවිය හැකි බවද ශ්‍රී ලංකා පාර්ශවය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

සංවර්ධන ක්‍රියාදාමයන් වෙනුවෙන් ජී එස් පී ප්ලස් බදු සහනය අඛණ්ඩව හිමිවීමේ වැදගත්කමද ඔවුන් යුරෝපා නියෝජිතයන්ට අවධාරණය කරනු ලැබුවා.

මානව හිමිකම් / කම්කරු අයිතිවාසිකම් වැනි දෙපාර්ශවය අතර ඇතිකර ගෙන ඇති මූලික ප්‍රඥප්තීන් 27 ආරක්ෂා කිරීමට තවදුරටත් කැපවී කටයුතු කරන බවටද ශ්‍රී ලංකා පාර්ශවය සහතික වී ඇති බවයි යුරෝපා සංගමය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

දෙරට අතර මීලග ඒකාබද්ධ හමුව ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

COMMENTS