NSW රෝහල්වලට අමුත්තන් පැමිණීමේ රෙගුලාසි සංශෝධනයට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා අමුත්තන් පැමිණීමේ රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති බ්‍රැඩ් හැසාර්ඩ් පැවසුවේ අසාධ්‍ය සහ මරණාසන්නව සිටින රෝගීන් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට වැඩි වේලාවක් ලබාදීමට තීරණය කල බවයි.

කොවිඩ් තත්වය හමුවේ මෙම රෙගුලාසි සීමා කර තිබුණා.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ බූස්ටර් මාත්‍රාව ගත් ප්‍රතිශතය සියයට 50 ඉක්මවා ගොස් තිබෙනවා.

ඉදිරියේදී එන්නත්කරණය ඉහළ දැමීමටයි ප්‍රාන්ත බළධාරීන් සූදානමින් සිටින්නේ.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »