
සතියක් තුළ මෙල්බන් නගරයෙන් e-scooter සම්බන්ධ දෙවන අනතුරත් වාර්තා වී තිබෙනවා.
11 හැවිරිදි දරුවෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
මෙල්බන් නගරයේ e-scooter නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ පසුගිය සතියේදියි.

ඊයේ පස්වරුවේ Port Melbourne හි අයිස්ක්‍රීම් අලෙවිසැලක් ඉදිරිපිට සිටි මෙම පිරිමි දරුවා ගැටුණු e-scooter ධාවනය කල පුද්ගලයා වහා පළාගොස් තිබෙනවා.
මෙම මාසය පුරා දිනපතා අලුයම 05 ත් පෙරවරු 09 ත් අතර e-scooter 1500 ක් නොමිළයේ ධාවනය කිරීමටද මෙල්බන් වාසීන්ට අවස්ථාව පවතිනවා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කරන්නේ e-scooter පැදවීමේදී නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
COMMENTS