පුෂ්පිකාගේ කිරුළ ගැළවෙයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරනවා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද සිල්වා ට විවාහක රූ රැජිණ නාමය භාවිත කිරීම වාරණය කර තිබෙනවා.

පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙසට කිරුළු පැළඳූවේ 2021 වසරේ අප්‍රේල් මස 4 වැනි දිනයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »