ඔස්ටේ්‍රලියාවේ කාන්තාවන් වැඩිවෙයි

ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ පළමු වරට රජයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතුරින් බහුතරය කාන්තාවන් විසින් හොබවන තත්වයක් උදාවී තිබෙනවා.

එහි ප්‍රතිශතය සියයට 50.2 ක් බවයි කාන්තා කටයුතු ඇමතිනී මරිස් පේන් සඳහන් කලේ.

2013 වසරේ ජූනි මාසයේ සිට එහි ඉහළයාම සියයට 8.5 ක්.

2021 වසරේ ජූලි 01 දා සිට දෙසැම්බර් 31 දක්වා සිදුකෙරුණු පත්කිරීම් අතුරින් සියයට 53.9 ක් ම කාන්තාවන් බවයි අද නිකුත් වූ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

මෙය මොරිසන් රජය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද ඇමතිනී මරීස් පේන් සඳහන් කරනවා.

https://ministers.pmc.gov.au/payne/2022/women-hold-record-number-australian-government-board-positions